එම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගි වීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 දා සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී ක්ෂය රෝගය තුරන් කිරිම සදහා ජාතික හා කළාපීය වශයෙන් ප්‍රතිඵලදායි විසදුමක්
ක්‍රියාත්මක කිරීම කෙරෙහි සමුළු නියෝජිතයින් අවධානය යොමු කිරීමට නියමිතය. එහිදී ගනු ලබන තීරණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තුරන් කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.