එහි විශේෂ රැස්වීමක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම රැස්වීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ පිළිබඳ සාකච්චාවට ලක් වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
1. දැනට වැවිලි ප්‍රජාවට ලබා දෙන නිරවුල් ඔප්පු සහිත නිවාස වතුවල ජීවත්වන සෙසු පුද්ගලයින්ට ද ලබාදීම. (ගුරුවරු සහ වෙනත් රැකියාවල නිරතවූවන්ට)
2. වතුකරයේ පාසල්වල පුරප්පාඩුව පවතින ගුරු හිඟයට කඩිනම් පියවර ගැනීම.
3. වතු පාසල් සඳහා පත්කර ඇති ගුරු සහයකයින්ට කඩිනමින් ස්ථීර පත්වීම් ලබාදීම.
4. ප්‍රමාණවත් තරම් ඉඩකඩ නොමැති පාසල් සඳහා වතු සමාගම් වලින් ඉඩම් කැබලි ලබාදීම.
5. වතු කම්කරුවන්, කම්කරු දෙපාර්තුමේන්තුව වෙත සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම.
6. වතු මාර්ග පද්ධති රජය මඟින් සංවර්ධනය කිරීම.
සාකච්ඡාවට බඳුන් කළ කරුණු අදාළ අමාත්‍යාංශ මඟින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගෙන ක්‍රියාවට නැංවීමට නියමිතයි.
වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කමිටුවක් මීට මාස 02කට ඉහතදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම සාකච්ඡාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් තිලකරාජ් මහතා, අරවින්ද් කුමාර් මහතා, වේලුකුමාර් මහතා සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි මහත්මියද සහභාගී වූහ.