නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සිද්ධියෙන් පුද්ගයින් 146ක් අත්අඩංගුවට- ජනජීවිත සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි

    මාර්තු 09, 2018

    පසුගියදා මහනුවර දිස්ත්‍රික්යේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 146 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මහනුවර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක පොලිස් අධිකාරී නිතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

    ගත වූ පැය 24 තුළ පුද්ගයින් 65 දෙනෙකු අත්අඩංගුකට පත් වූ බව කොළඹ පොලිස් මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ අන්තර්ජාල ඔස්සේ අසත්‍ය ප්‍ර‍චාර සම්බන්ධයෙන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගයින් 10 දෙනාගෙන් මේ වන විට ප්‍ර‍ශ්න කරමින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවයි.

    මෙසේ අත්අඩංගුවට පත් පුද්ගයින් අතර දිගන ප්‍රදේශයෙන් 2ක්, යක්කල ප්‍රදේශයෙන් 1ක්, තෙල්දෙණිය 1ක්, බලංගොඩ 1ක්, හලාවත 3ක්, දඹුල්ල 1ක්, පේරාදෙණිය 1ක් යනාදී වශයෙන් ඔවුන් හඳුනාගෙන තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මහනුවර ප්‍රදේශයේ ආරක්ෂ කටයුතු දිගටම ක්‍රියාත්ම වන බවත් යුද හමුපතිවරයා අද දිනයේ මහනුවර ප්‍රදේශයේ සංචාර කළ බවත් හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya