නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සංරක්ෂණ නිලධාරීන්ට ගිනි අවි ලබාදීමට මෙතෙක් එකඟතාවයක් නෑ

    මාර්තු 09, 2018

    වනජීවී නිලධාරීන්ට ලැබෙන ආකාරයට වන සංරක්ෂණ නිලධාරීන්ට ගිනි අවි ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයකට පැමිණ නැතැයි' මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගිනි අවි ලබාදීලා ඔවුන් කැලයට ගියාම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් තිබෙනවා. දැනට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ අරක්ෂාව ලබාදී අවශ්‍ය වැටලීම් කටයුතු සිදු කරනවා. මෙම කාරණය ගැන දිගින් දිගටම සාකච්ඡා වුණා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya