නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර අද ගැටුම්කාරී සිද්ධින් වාර්තා වී නැහැ- පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක

    මාර්තු 08, 2018

    මහනුවර දිස්ත්‍රික්ක තුළ අද දිනයේ  සාපරාධි සිද්ධීන් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    පසුගිය 4 වැනි දා සිට අද (08) දින පෙ.ව.6.00 වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ සිද්ධීන් තුළ සාපරාධි සිද්ධීන් හේතුවෙන් නිවාස සහ වෙළෙඳ සැල් 45කට පමණ අලාභ හානි සිදු වී තිබෙන බව අද (08) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පෙන්වා දුන්නේය.

    පූජනීය ස්ථාන අලාභහානි 4ක් කටුගස්තොට පොලිස් කොට්ඨාසයෙන් සහ පූජාපිටිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී තිබෙන බවත් මෙහිදී වාහන අලාභ හානී සිද්ධීන් 11ක් සිදු වී තිබෙන බවත් ගුණසේකර මහතා සඳහන් කළේය.

    මෙම සිද්ධි හේතුවෙන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුට ජීවිත අහිමි වී තිබෙන බවත් එක් අයෙකු වෙළෙඳ සැලට ගිනි තැබීම හේතුවෙන් දුම් ආග්‍ර‍හනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව පශ්චාත් මරණ වාර්තා පෙන්වා දෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    අනෙක් පුද්ගලයේ පූජාපිටියේ ජීව අත්බෝම්බය පුපුරා ගිය ස්ථානයේ මිය ගොස් සිටි බවට දැනට වාර්තා වී තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා පසුගිය දින කිහිපය තුළ මෙම සියලු සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බව ද සඳහන් කළේය.

    ඊයේ ඇදිරිනීතිය කඩකල 4 දෙනෙකුද අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන් ලබන 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් මෙවැනි නීති උල්ලංඝනය කර වරදකරුවෙකු වූ අයෙකුට වසර 7ක දෙයාකාරයක එක් ආකාරයක සිර දඩුවම් ලැබෙන අතර එවැනි පුද්ගයින්ට ඇප ලබාගැනීමට ද වුවද ඉතා සුවිශේෂී වූ කරුණු ඉදිරිපත් කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශකවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya