නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ආරක්ෂාව ගැන බිය වියයුතු නැත - හමුදා හා පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශකවරුන්

    මාර්තු 08, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හමුදාවේ 2500ක් සහ නාවික හමුදාවේ 600ක් සහ ගුවන් හමුදාවේ 30 දෙනෙකු යොදවා සිටින බව හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

    පොලිස් මූලස්ථානයේ අද (08) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර බුද්ධි අංශ වාර්තා අනුව සුවිශේෂි අවධානය යොමු කළ යුතු ස්ථාන සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීමට කටයුතු යොදා තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    එම නිසා අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස මහජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටියේය.

    මේ සඳහා පොලීස් නිලධාරින් 3000ක් පමණ යොදා තිබෙන බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 750ක් පමණ යොදා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම අවස්ථාවට රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya