මේ නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව පිළිගන්නා බවත් මේ අවස්ථාවේ දී ජාතීන් අතර සමඟිය හා සාමය ඇති කිරීම සඳහා එවැනි පියවරක් ගත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (7) පැවැති මාධ්‍ය
සාකච්ඡාවේදී පැවසීය.
පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල හටගත් සිදුවීම් පිළිබඳව පොලීසිය හා බුද්ධි අංශ මඟින් සපයන ලද වාර්තා විමර්ශනය කිරීමෙන් පසු හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට ජනාධිපතිතුමා ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව පැවසූ ලේකම්වරයා, හදිසි නීති රෙගුලාසි සාමාන්‍ය ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝණය නොවන අයුරින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේ ය.එමෙන් ම මෙම හදිසි නීති රෙගුලාසි පැනවූයේ දින හතකට (7) පමණක් බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.