ආරක්ෂක ලේකම්වරය අද (7) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.
මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසීය.
ෆේස් බුක් ඇතුළු සමජ ජාලා සම්පූර්ණයෙන් ම නවතා නෑ. සීමා කිරීමක් පමණයි සිදු කර තිබෙන්නේ. කලහකාරි හා ජාතීන් අතර අසමඟිය ඇතිවීමට හේතුවිය හැකි නිසා, සහ ජාතික ආරක්ෂාවට බලපාන කාරණා නිසා සීමා කිරීම සිදු කෙරෙනවා.
මෙය ආරක්ෂක තත්ත්වය,ජාතීන් අතාර, පුද්ගලයන් අතර කැළඹීම් ඇතිවීම වැළැක්වීමට තාවකාලිකව ගත් පියවරක්. මහජන ආරක්ෂාව තහවුරු කිරීමට,සමාජ ආරක්ෂාවට තාවකාලිකව මේ පියවර ගත් බවද ලේකම්වරයා පැවසීය.