නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ දවසේ පැය 24 පුරා සහාය සේවා මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි

    මාර්තු 07, 2018

    රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට ගතයුතු සියලු පියවර මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කර ඇත.

    එසේ වුවද ඇතැම් අවස්ථාවාදී පිරිස් විසින් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කර ගනිමින් කඩාකප්පල්කාරි ක්‍රියාවන් හි නිරතවීමට කටයුතු කරමින් සිටින බවට ද ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

    මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියාවන්හි නිරතවන හා එවැනි ක්‍රියාවන් සැලසුම් කරන පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබාගැනීමටත් එම ක්‍රියාවන් ක්ෂණිකව මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දවසේ පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0711 261 261 හෝ හෙල්ප්ඩෙස්ක්@ඩ්ගි.ගොව්.ල්ක් විද්‍යුත් තැපෑල
    හරහා තොරතුරු ලබාදෙන ලෙසත්, අවශ්‍ය ක්ෂණික සහාය ලබාගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya