දිගනේ දෙපිරිසක් අතර ඇති වූ සිද්ධියේ සිට සිදු වන සිද්ධීන් පිටුපස සංවිධානාත්මක පිරිසක් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාහ කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධිවලට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වෛරී, අසත්‍ය ප්‍රකාශ ගැටුම් ඇති කරවනු ලබන ප්‍රචාරයන් විශාල වශයෙන් සිදු කර තිබෙන බවත් ඒ පිළිබඳ ද පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සියලුම ජනකොටස් සුහදව කටයුතු කරන අතර වෙන් වෙන් න්‍යාය පත්‍ර අනුව ජනකොටස් අතර ගැටුම් ඇති කිරීම සාපරාධි ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.