නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු මස 19 ඇරඹෙන කොරියානු විභාගයට අයදුම්කරුවන් 22581 ක්

    මාර්තු 07, 2018

    දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාදාළ ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණ මාර්තු මස 19 දින ආරම්භ වීමට නියමිතය.

    මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය (www.slbfe.lk) වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.

    ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි*ඃ39ත පරිගණක ආශ‍්‍රිත මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22581 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 19157 ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටීමට නියමිත අතර  3424 දෙනෙකු ඉදිකිරීම් අංශයේ විභාගය සඳහා පෙනි සිටීමට
    නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya