නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම ස්ථානයක ළමා හිංසනයක් නම් වහාම 1929ට දන්වන්න -ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

    මාර්තු 07, 2018

    දිවයිනේ ළමා නිවාස හා පාසල් ආශ්‍රිතව සිදුවන ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව තොරතුරු තිබේ නම් වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කරන ලෙස සියලු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    විශේෂයෙන් ආසන්න මාසයක පමණ කාලයක් තුළ පාසල් ආශ්‍රිතව හා ළමා නිවාස ආශ්‍රිතව සිදුවන ළමා අපයෝජන සිදුවීම් කිහිපයක් වාර්තා විය.‍ එම සෑම සිදුවීමකටම අදාළ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නියාමනය කරනු ලැබේ.

    1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය දවසේ පැය 24 පුරාම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍යයන්ගෙන් ක්‍රියාත්මක වන අතර, එය නොමිලේ ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි. මෙලෙස ක්‍රියාත්මක වන 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධව, එම පැමිණිලිවලට අදාළ දිවයිනේ පොලිස් ස්ථාන සමඟ සම්බන්ධ වී විමර්ශන කටයුතු සිදු කෙරේ. ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිලධාරීන්ගේ සහයෝගය ද ලබා ගැනේ. 1929 වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් සමඟම එක්ව කටයුතු කරනු ලබන අතර, ළමා නිවාස, පාසල් හෝ ඕනෑම ස්ථානයක් ආශ්‍රිතව ළමයින්ට සිදුවන හිංසනයන් පිළිබඳව එම දුරකතන සේවය අමතා දැනුවත් කරන ලෙස වැඩි දුරටත් ජතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya