නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විදේශ රැකියා ඇමැති කාර්යාංශයේ රාජකාරි ආරම්භ කරයි

    මාර්තු 06, 2018

    විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා අද (06) දින නිල වශයෙන් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරි ආරම්භ කළේය.

    එහිදී කාර්යාංශයේ නිළධාරී මණ්ඩලය විසින් නව අමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, විගමණික ප‍්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ නව රැකියා අවස්ථාවන් සොයාගැනීම පිළිබඳවද තම අවධානය යොමු කරන බවයි.

    මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් හා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ. ඩී.ඩී.ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරීන්ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya