මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දිනවලත් වැසි තත්ත්වය දිගටම

    ඔක්තෝබර් 15, 2017

    ඉදිරි දින කිහිපයේදීත් දැනට පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතින අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන් මධ්‍යමකඳුකර ප්‍රදේශවල) තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කරයි.සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    සමහර ස්ථාන වලට (විශේෂයෙන් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) තද වැසි (100ම්ම් පමණ) ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya