අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන 8 සහ 9 දා

    ඔක්තෝබර් 05, 2017

    සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන 8 සහ 9 යන දිනවලදී ජාතික තරුණ සේවා සභාවේ මහරගම තරුණ මධ්‍යස්ථානයේ පිහිටි යොවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත බව  ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පැවසීය.

    මෙවර සැසිය සඳහා අසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ අනෙකුත් සංවිධානවල නියෝජිතයන්  120 දෙනෙකුගෙන් යුතු දූත පිරිස පැමිණිම සුවිශේෂි අවස්ථාවක් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

    වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයක් පරිදි මෙම යොවුන් පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර මෙහි මන්ත්‍රීවරුන් 224 කින් සමන්විත වන අතර දිවයින  පුරා විශේෂ ව්‍යාපෘති 3,000ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

    ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලය  හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ක කටයුතු අමාත්‍යාංශය මගින් යොවුන් පාර්ලිමේන්තුව සංවිධානය කර ඇත.

    මේ අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya