නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොහින්යා සරණාගතයින් ළඟදීම මේ රටින් යවනවා - සමකැබිනට් ප්‍රකාශන

    සැප්තැම්බර් 27, 2017

    පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලද 1948 අංක 20 දරණ ආගමන හා විගමන පනත අනුව, මේ රටට පැමිණෙන කිසිදු විදේශීය සරණාගතයකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීම රජයට හැකියාවක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    ඒ අනුව දැනට කොළඹ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ සංවිධානය (UNHCRS) භාරයේ සිටින මියන්මාර් රොහින්යා සරණාගතයින් 30 දෙනා එම සංවිධානය විසින් ළඟදීම වෙනත් රටකට යවනු ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කීය.

     

    රොහින්යා සරණාගතයින් මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. 2008 මාර්තු මාසයේ දී රොහින්යා සරණාගතයින් 55 ක් මේ රටට පැමිණ ඇති අතර ඔවුන් ආපසු යවා ඇත්තේ 2012 දී. තවත් රොහින්යා සරණාගතයින් 101ක් 2013 දී මෙහි පැමිණ ඇත. ඔවුන් 2015 තෙක් මේ රටේ රැඳී සිටි අතර එම පිරිස 2015 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය විසින් වෙනත් රටවලට යවා ඇති බව ද සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා මෙහිදී සඳහන් කළේය. මෙවර පැමිණ සිටින රොහින්යා සරණාගතයින් 30 දෙනා අතර පිරිමි 7ක් කාන්තාවන් 7ක් සහ ළමුන් 16ක් ද සිටින බවත් කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය හා පෝෂණ ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය.

     

    එහෙත් ඇතැම් භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්සත් ජාතීන්ගේ භාරයේ සිටි මෙම පිරිස ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් පළවා හැරීමට කටයුතු කිරීම බුදුන්වහන්සේගේ ධර්මයටද පටහැනි ක්‍රියාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya