අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා සරණ භාරයට චීන සහාය

    සැප්තැම්බර් 23, 2017
    ඉදිරියේ දී පිළිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවාලීම සඳහා තම විශේෂඥ දැනුම සහ වෙනත් සෞඛ්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී. ෂියැන් ලියැන්ග් මහතා අවධාරණය කළේය.
     
    ශ්‍රී ලංකා පිළිකා සරණ භාරය මගින් පිළිකා රෝගීන්ට සහනය සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳ නිරීක්ෂණය කිරීම සහ ඊට සහාය දැක්වීම පිණිස මහරගම අපේක්ෂා රෝහලට නුදුරින් පිහිටි පිළිකා සරණ භාරයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි චීන තානාපති යී.ෂියැන් ලියැන්ග් මහතා සහ එම මහත්මිය ඇතුළු දූත පිරිස අපේක්ෂා රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය ද නිරීක්ෂණය කළහ.
     
    ආගමික, සංස්කෘතික ආර්ථික, අධ්‍යාපනික, රාජ්‍ය තාන්ත්‍රික හා සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකදීම චීනය ශ්‍රී ලංකාවේ ශක්තිමත් මිතුරෙකු ලෙස කැප වන බව ෂියැන් ලියැන්ග් මහතා  මෙහිදී පෙන්වා දුන්නේය.  චීන තානාපතිවරයා පිළිකා සරණ භාරයේ කටයුතු වෙනුවෙන් විශේෂ මූල්‍ය ප්‍රදානයක් ද පිරිනැමීම මෙහිදී සිදු විය. 
     
    මෙම අවස්ථාවේදී පිළිකා සරණ භාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ඉන් මුදාගැනීම සඳහා වැඩිම සහයක් ලබාදෙමින් සිටින චීනය, පිළිකා රෝගීන් පිළිබඳව ද සිය අවධානය මෙලෙස යොමු කිරීම විශාල අස්වැසිල්ලක් බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya