සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ත පත්‍ර ප්‍රදානයක්

    අප්‍රේල් 09, 2017

    එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත සර්ජි කැපිනෝස් මහතා පසුගිය 07 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හට අක්ත පත්‍ර ප්‍රදානය කළේය.

    ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ක්‍රමෝපායික ලෙස වැදගත්වන පිහිටීමක් ලබාඇති හෙයින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරමේ සංක්‍රාන්තික ස්ථානයක් ලෙස භාවිතා කිරීමේ අවධානමක් පවතින බව විදේශ අමාත්‍ය සමරවීර මහතා මෙහිදී සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය විසින් ඉන්දියන් සාගරයේ හෙරොයින් ජාවාරම මැඩපැවැත්වීම පිණිස ක්‍රියාත්මක කරන ලද දක්ෂිණ මාර්ගික හවුල්කාරීත්ව වැඩසටහන අමාත්‍යතුමාගේ පැසසුමට ලක්විය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක බලධාරීන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

    නූතන විද්‍යාත්මක තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමේ ක්‍රමවේද දියුණුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍ය මංගල සමරවීර මහතා, මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීම පිණිස ධාරිතා සංවර්ධන පියවරවල් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය විසින් ලබාදෙන ලද දායකත්වය අගය කළේය.


    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන රටක් වන හෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ නියෝජිත සර්ජි කැපිනෝස් මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya