සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළකිරි ගැන තාක්ෂණික පුහුණු වැඩමුළුවක් එක්විය හැක

    අප්‍රේල් 09, 2017

    එළකිරි සඳහා තත්ත්ව පරීක්ෂණ ” පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව ලබන 28 වැනි දා  ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තාක්ෂණික සේවා අංශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේ දී එළ කිරි වල සංයුතිය පරීක්ෂා කිරීම (කිරි මේදය %, මේද නොවන ඝන ද්‍රව්‍ය%), බාහිර ද්‍රව්‍ය එකතු කර තත්ත්වයෙන් බාල කල කිරි සඳහා පරීක්ෂා,  ක්ෂුද්‍ර ජීවී පරීක්ෂා සහ කිරි කර්මාන්ත සඳහා යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය පිළිබඳව ප්‍රායෝගිකව දැනුවත් කරනු ඇත.

    කිරි නිෂ්පාදන වල සෞඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන එළකිරිවල ප්‍රමිතිය මත රදා පවතී.

    වාණිජ අරමුණු පෙරදැරිව කිරි සංයුතිය වෙනස් කරන අවස්ථා මෙන්ම විවිධ බාහිර ද්‍රව්‍ය කවලම් කර තත්ත්ව බාල කරන අවස්ථාද දක්නට ලැබේ.

    මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම්  අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya