සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂණ වංචා තොරතුරු තවත් මාස කිහිපයකින් ජනතාව හමුවට

    අප්‍රේල් 09, 2017

    පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියලු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

     කැබැතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය ඊයේ (08) විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය 7 වැනි දා ඉදිරිපත් කළ යෝජනා 04 රජයේ යෝජනා බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව එම යෝජනා ක්‍රීයාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya