සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයට ජනපති අතින් මුල් ගල තැබේ

    අප්‍රේල් 08, 2017
    චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් අනුව කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය සදහා මුල්ගල තැබීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (07) පෙරවරුවේ සිදු විය. 
    මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතා ද මෙම අවස්ථාවට එක් විය. 
    ශ්‍රී ලංකාවේ ප්‍රධානම රෝහල සහ ආසියාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ පවතින දැඩි තදබදය අවම කිරීම සදහා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය ලබා දී තිබේ.
    මේ යටතේ කොළඹ ජාතික රෝහලේ දැනට ක්‍රියාත්මක බාහිර රෝගී අංශය වෙනුවට මෙම අංගසම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර ඒ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 100 කි. වසර තුන හමාරකින් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. 
    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya