සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆුල් පෙස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

    අප්‍රේල් 08, 2017

    සම්පුර්ණ හිස් ආවරණ (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සමග පැවති සාකච්ජාව සාර්ථකව අවසන්වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි.

    මෙම සාකච්ජාව 06 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති අතර මෙහිදී ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව තව දුරටත් සාකච්ජාකොට ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ විසඳාගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා මහතා පවසා ඇත. 
     
     
    මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා ඇතුලු එම සංගමයේ නියෝජිතයන් මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ සහ මාර්ග ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් පිරිසක්ද සහභාගිවී සිටියේය.
     
    අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකශ කර සිටියේ මෙම ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලබාගැනීමට සදහා තව දුරටත් සකච්ජකොට අදාල තීරණවලට එළඹිය යුතු බවයි. එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාල සියලු පාර්ශව සමග සාකච්ජාකොට ලබන සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසු අදාල තීරණ ගතහැකි බවයි. 
     
    එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ "ප්‍රමිතිය", "ආරක්ෂාව" සහ "රටේ පවත්නා නීතිය" යන කරුණු මූලික කරගනිමින් මෙම ගැටලුව විසදීම සදහා අවශ්‍ය මූලික පසුබිම සකස්කරගත යුතු බවයි. කෙසේ උවත් මෙහිදී වඩාත් වැදගත් වනුයේ ජනතාවගේ ආරක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ජනතාවගේ ආරක්ෂාවට මුල්තැනදී නීති සැකසිය යුතු බවත් ෆුල් පෙස් හෝ සාමාන්‍ය හෙල්මන්ට් හෝ පැළඳිය හැක්කේ යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ පමණක් බවත් ඉන් පරිබාහිරව කාර්යාල, බැංකු හෝ වෙනත් ස්ථානවලට පිවිසීමේදී හෝ පෙළපාලි ආදියේදී නොපැළදියයුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya