සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය අධීක්ෂණයට මන්ත්‍රීන් පිරිසක්

    අප්‍රේල් 07, 2017

    මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ.

    මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඊට අදාළ පත් වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි.
     
    මෙම පත් කිරීම් වෙනුවෙන්  අදාළ මන්ත්‍රීවරුන්ට කිසිදු විශේෂ ගෙවීමක් හෝ පහසුකම් සැලසීමක් සිදු නොකරන අතර, ඔවුහු මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සිටිති.

    සම්මුතිවාදී රජය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම මත, රාජ්‍ය  ආයතනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම පියවර ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya