සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු මාදැල් තොටුපල සඳහා එකම සැලැස්මක්

    අප්‍රේල් 06, 2017

    මාදැල් කර්මාන්තය ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබාදී කර්මාන්තය රැකගැනීම උදෙසා කළ හැකි සියල්ල කරන  බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

    දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කලේ මාදැල් කර්මාන්තයේ නිරත පාරම්පරික ධීවර ජනතාවට විවිධ ආයතනවලින් එල්ල වන ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බැවින් එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුව ඇති බවයි .

    සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය .

    මෙවැනි සකච්ඡාවක් පවත් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සමූපකාර සම්මේලනයේ නියෝජිතයන් ප්‍රසාදය පළ කර සිටියේය.
     
    මාදැල් හිමියන්ගේ ගැටලු කඩිනමින් සොයා බලා ලබා දිය යුතු විසඳුම් නිර්දේශ කිරීමට පත්කර ඇති කම්ටුවේ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයාබැලු රාජ්‍ය ඇමැතිවරයා එහි කටයුතු කඩිනම් කිරීම හා එම කටයුතු ප්‍රමාදවීමට හේතු අදාළ නිලධාරීන්ගෙන් විමසු අතර එම ගැටලු කඩිනමින් විසඳාදීමට තමන් මැදිහත්වී කටයුතු කරණ බව සඳහන් කළේය .

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙහිදී පළමුව සාගරයට සම්බන්ධ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතන සමඟ සාකච්ජා කර ඔවුන්ගේ එකඟතාව සහිතව ඉහත විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු කරණ බවය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya