සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඵලදායීතා සංකල්ප අනුව පිරිවෙන් නගාසිටුවීමට පියවර

    අප්‍රේල් 06, 2017

    සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ කාලීන හා ගුණාත්මක පරිවර්තනයන් සිදු කිරීමට අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව පිරිවෙන් ආශ්‍රිතව ගුණාත්මක පරිවර්තනයන් සිදුකිරීමේ අරමුණින් පිරිවෙන් අධ්‍යාපන ශාඛාව විසින් ඵල සපිරි පිරිවෙන් ව්‍යාපෘතිය හඳුන්වා දී ඇති අතර මේ මගින් පිරිවෙන්වල භෞතික හා මානව සම්පත් ඵලදායිතා සංකල්ප හා බැඳුණු පිළිගත් ප්‍රමිතියකට අනුව සංවර්ධනය කිරීමට අපේක්ෂිතයි.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

     

    මේ සඳහා මූලාරම්භයක් ලෙස තෝරාගත් පිරිවෙන් 55 ක පරිවේණාධිපති හිමිවරුන් සහ විෂය උපදේශකවරුන් සදහා ඵලදායීතා සංකල්ප හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

     

    එහි එක් වැඩමුළුවක් පසුගිය මස 23 හා 24 දෙදින තුළ මීපේ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර ඉදිරියේ දී සෙසු පිරිවෙන් ද සම්බන්ධ කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    මෙම වැඩමුළුව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණු අතර අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) ආචාර්ය මධුරා එම්. වේහැල්ල සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya