සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් නාවික හමුදා අත්අඩංගුවට

    අප්‍රේල් 03, 2017

    ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.

    උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව මගින් ඉන්දියානු මුහුදු සීමාවේ සිට අන්තර්ජාතික මුහුදු සීමාව හරහා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් තිබූ එම සැකකටයුතු යාත්‍රාව නිරීක්ෂණය කර ඇත. ඉන් අනතුරුව දිගින් දිගමට එම කුඩා යාත්‍රාව පිළිබඳව රණවික්‍රම නෞකාව අවධානය යොමු කර තිබිණි.   

    ඒ අනුව, එම කුඩා යාත්‍රාවේ අසාමාන්‍ය සහ සැකකටයුතු ක්‍රියාකාරකම් හේතුවෙන් තවදුරටත් ඔවුන් පරීක්ෂා කළ අතර, එහිදී සඟවා තිබූ මත්කුඩු පාර්සල් 2 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය. ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

    අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය, යාත්‍රාව සහ පුද්ගලයින් කන්කසන්තුරය වරායට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

    උතුරු මුහුදු සීමාව ඔස්සේ ධීවරයින් ලෙස පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

    2016 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2140 කට ආසන්න ප්‍රමාණයක් සහ මත්කුඩු  කිලෝග්‍රෑම් 130 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තුළ මත්කුඩු ජාවාරමේ නිරත වූ ඉන්දියන් ජාතිකයන් 19 දෙනෙකු ද ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ශ්‍රී ලාංකික අත්අඩංගුවේ පසුවෙයි.

    SL Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya