සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම අමාත්‍යාංශයක් බාරගැනීමට සුදානම්” - සෞඛ්‍ය ඇමැති කියයි

    අප්‍රේල් 03, 2017

    රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමෙි අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 න්, 07 වන මධ්‍යස්ථාන සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවෙි වවුනියාව දිස්ත්‍රීක් මහ රෝහලේ දී විවෘත කෙරිනි.

    මෙහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරිමට සහ උපකරණ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් මිලියන 80 කි.
    උත්සවයෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු  ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. "කැබිනට් සංශෝධනයේ දී ලබාදෙන ඔිනෑම අමාත්‍යාංශයක් බාරගෙන හොදින් වැඩ කරනවා. මම ඉදිකිරීම්, ඉංජිනේරු, ධීවර හා ජලජ සම්පත් හා වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙත් හොදින් වැඩ කරනවා. අලුත් තනතුරක් ලැබුනත් එහි වැඩකිරීමටත්මම සුදානම්.”


    ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "මම විදේශගත වී ඊයේ රාත්‍රීයේ තමයි ලංකාවට පැමිණියේ. මම විදේශගතවීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ජනමත විචාරණය පිළිබදවත් සාකචිඡා කළා. එහිදී තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සියළු දෙනා සාකචිඡා මාර්ගයෙන් පිළිගත හැකි විසදුමට ඉදිරීයේ දී පැමිණේවි.”


    පාර්ලිෙමින්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය තුළ දී උපවාස කිරිම පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා අධිකරණ තීන්දුවලට සියළු දෙනා යටත් විය යුතු බව ප්‍රකාශ කළා. කොරියාවෙි ජනාධිපතිනිය ඊයේ අත්අඩංගුවට ගත් බව පැවැසු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇය උපවාසයක් ආරම්භ නොකළ බව ප්‍රකාශ කළා.


    විල්පත්තු අභයභූමියේ සිද්ධිය පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "විල්පත්තු ප්‍රශ්නය පිළිබදව ජාතිවාදි අන්දමින් බලන්න එපා. යුද්ධය පැවැති කාලයේ එහි පදිංචිකරුවන් පැය 24 කින් පළවාහැර තිඛෙනවා. ඔවුන් තම මුල් ගම්බිම් වල නැවැත පදිංචි කළ යුතුයි. වාසස්ථාන ලබාදිය යුතුයි. තවද එම ප්‍රදේශවල සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ගැටළු විසදා ඔවුන්ගේ ඉඩම් ලබාදිය යුතුයි. ඒ සදහා රජය ඉතා ඉක්මණින් කටයුතු කරනවා. මෙය මානුෂීය ප්‍රශ්ණයනයක්.”


    මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩි කුරේ, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, වවුනියාව දිස්ත්‍රීක් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya