සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ගැන සාකච්ඡාවක්

    අප්‍රේල් 02, 2017

    මෙරට ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනය සිදුකරණ කොරියාවේ සාගර හා ධීවර අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායම වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සාකච්ජා කළ තිබේ.

    යෝජිත බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම , මුලික අධ්‍යනයන් , පහසුකම් සැලසීම , තාක්‍ෂණික පහසුකම් , ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මෙම බහුකාර්ය ධීවර වරායන්හි මුලික සැලසුම පවා නොමිලයේ සිදුකරදීමට කොරියාව කැමැත්ත පළ කර තිබෙන අතර අදාළ බහුකාර්ය ධීවර වරායන් උඩප්පුව, චලෙයි, මාදගල්, ඩෙල්ෆ් සහ තංගල්ල ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය .

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකරදීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කොරියාව ඉදිරිපත්විය .

    ධීවර , සංචාරක , වාණිජ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි යෝජිත බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම සැලසුමය .
            

    මෙම සාකච්ඡාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya