සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමැති මල්වතු අස්ගිරි මහ නා හිමිවරු බැහැ දකී

    අප්‍රේල් 02, 2017

    ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට අගයක් නොමැති වුව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ලෝක ඇගැයීමකට ලක්ව ඇතැයි මල්වතු අස්ගිරි මහ නා හිමිවරු පවසති.

    මහ නා හිමිවරු ස‍ඳහන් කරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින බවයි. මේ අදහස් පළ වූයේ  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (01) දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ දීය.

    අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගත්තේ ය. පසුව එහි වැඩසිටි සියම් මහා නිකාගේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැ දුටු මුදල් අමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසීය. අයවැය පිළිබද අදහස් ලබා ගැනීම සදහා පසුගිය වසරේ එහි පැමිණි අවස්ථාවේ ලබා දුන් අනුශාසනා අයවැය සකස් කිරීම සදහා බොහෝ උපකාර වූ බව සදහන් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, ඒ අනුශාසනා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල මග පෙන්වීමක් වූ බව ද පැවැසීය. ඒ අනුව යමින් මහනුවර නගරය තුළ සිදු කෙරෙන ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍යවරයා අස්ගිරි මහ නා හිමියන් දැනුවත් කළේ ය. විශේෂයෙන් ම මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සදහා ඉදි කිරීමට යෝජිත උමං මාර්ගයත්, බෝගම්බර පැරැණි සිරමැදිරි සංකීර්ණය ඉලක්ක කරගෙන සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබදවත් මෙහි දී විස්තර සිටියේ ය. සියලු සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර මහ නා හිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගන්නා බවත්, මහ නා හිමිවරුන්ගේ අනුශාසනා අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ය. ආසියා පැසිෆික් කලාපයේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙස තමාට හිමි වූ “ද බෑන්කර්” සම්මානය අස්ගිරි මහ නා හිමියන්ට පිළිගන්වමින්, මෙය තමා ලද ජයග්‍රහණයකට වඩා රට ලැබූ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
    ඉන් පසු මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස ගමන් ගත්තේ මල්වතු විහාරස්ථානය වෙතයි. මහ නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි වෙත ද තමා ලද සම්මානය පිළිගැන් වූ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ එය සමස්ත ශ්‍රී ලංකාව ම ලත් ජයග්‍රහණයක් බවයි.
    එහි දී මල්වතු මහ නා හිමියන් කියා සිටියේ මුදල් අමාත්‍යවරයාගේ අගය මෙරට ඇතැම් පාර්ශ්වයන්ට නොදැනුණ ද, අන්තර්ජාතික ප්‍රජාව එම අගය හදුනාගෙන ඇති බවයි. “ද බෑන්කර්” සම්මානය ඊට කදිම නිදසුනක් බව ද උන් වහන්සේ පෙන්වා දුන්හ.
    මුදල් අමාත්‍යවරයා එහි දී කියා සිටියේ බරපතල අර්බුදයකට ලක්ව තිබූ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි. එම අර්බුදය තවත් පරම්පරාවකට උරුම කර දීම යහපාලන ආණ්ඩුවේ අපේක්ෂාව නොවන බව ද හෙතෙම අවධාරණය කළේ ය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම මත රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, රටේ සියලු පුරවැසියන්ට, හෙට දවස පිළිබද බලාපොරොත්තු තැබිය හැකි වාතාවරණයක් උදා වී ඇති  බවත් කියා සිටියේ ය.

    මෙම අවස්ථාවට අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙද කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya