සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සාමාන්‍ය තත්ත්වයක් - වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ආරක්ෂා විය හැකියි

    අප්‍රේල් 01, 2017

    ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්. වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ආරක්ෂා විය හැකියි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  (31)පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මෙි බව කියා සිටියේය.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා - ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබද බියක් ඇතිකර ගන්න එපා පසුගිය කාලය පුරා කාලගුණික වෙනස්වීම් හේතුවෙන් වෛරස් පවා වෙනස් වී තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. අතිවිශේෂ තත්ත්වයක් නොවෙයි.

    වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ආරක්ෂා විය හැකියි. එම වෛරස් රෝගයට ගොදූරුවූවන් ලගට යාමෙන් වැළකීම, රෝගය වැළදූන දරුවන් පාසල් යැවීමෙන් වැළකීම, පොදූ ස්ථානවල ගැවැසීම අවම කිරීම වැනි උපදෙස් ද පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා.

    ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ඇතිවිය හැකි බලපෑම අවම කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. සංක්‍රමණිකයින් නිසා ද වෛරසය බෝවිය හැකි වුවත්, සංක්‍රමණිකයින් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීම සදහා කටුනායක ගුවන්තොටුපළේ සියලු පියවර ගෙන තිබෙනවා. ගර්භනී මාතාවන්, ළදරුවන්, වකුගඩු බද්ධ කළ පුද්ගලයින් මෙහිදී ප්‍රවෙිසමි විය යුතුයි. මෙම රෝගය සදහා ලබාදෙන ඖෂධ අවශ්‍ය තරම් රෝහල්වලට ලබා දී තිබෙනවා. රෝගීන් වෛද්‍යවරුන් වෙත පැමිණීමෙන් පසු ලබාගන්නා පර්යේෂණ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කරනවා. බිබිල, මහනුවර, කිලිනොචිචිය යන ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් මීට පෙර වාර්තා වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කළ වැපිළිවෙල හේතුවෙන් මෙි වනවිට රෝගීන් අවම වී තිබෙනවා.


    බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩි ජයමහ මහතා -

    2017 වසරේ ගත වූ කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදූන බවට සැක කරන රෝගීන් 3548 කගේ සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට ලැබී තිබෙනවා. මාර්තු මාසයේ පමණක් සාම්පල 1548 ක් ලැබුනා. 2017 වසරේ ලැබුනු සාම්පල විසින් සාම්පල 528 ක් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ බව තහවුරු වී තිබෙනවා. මෙි පිළිබදව ජනතාව දැනුවත් කිරීමෙි වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.


    මෙම මාධ්‍ය හමුවෙි දී මාධ්‍යවෙිදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදූන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාතර ප්‍රදේශයේ පාසලක දරුවෙකු ෆෙර්‍රොඋස් සුල්ෆටෙ  ඖෂධය පාසලේ දී ලබාගැනීමෙන් පසු මියයාමෙි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදූ කිරිම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 06 කගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි. එම කමිටු වාර්තාව සතියක් තුළ තමන්ට ලැබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.


    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya