සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හින්දු අලුත් අවුරුදු කාලයේ පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය නිරන්තර අවධානයෙන්

    අප්‍රේල් 01, 2017

    අලුත් අවුරුදු උත්සව කාලයේ වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    මෙම කරවල තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ වෙරළබඩ වීදියේ ශීතාගාරයක ගබඩාකර තිබිය දී ය.

    පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ පිටරටකින් ගෙන්වා ඇති මේ කරවල තොගයේ කිලෝ 2000ක් තිබූ බවයි. පුස් බැඳී නරක්වී තිබූ කරවල තොගය විශාල ශීතාගාරයක කබඩා කර සිල්ලර වෙළෙඳ සැල්වෙත යැවීමට කටයුතු යෙදා තිබිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

    කරවල තොගය අත්අඩංගුටව ගෙන මුද්‍රා තැබූ බවත් මේ සම්බන්ධයෙන් අප්‍රේල් 04 වැනි අඟහරුවාදා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරන බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.

    අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලයේ වෙළෙඳ පොළට නරක්වූ හා කල් ඉකුත්වූ ආහාර තොග ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් නිකුත් කරන බැවින් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය ඇතුළු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවයි.

    යම් ස්ථානයක පාරිභෝගික භාවිතයට නුසුදුසු ආහාර, නිශ්චිත තොරතුරු රහිතව විකිණීම හෝ වැඩි මිලට විකිණීම් සම්බන්ධ යම් තොරතුරක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977 අමතන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya