සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කර විසදීමට පියවර

    අප්‍රේල් 01, 2017

    දන්ත චිකිත්සක සේවය මුහුණ දී ඇති ගැටළු විසදිය යුතු බවත් දන්ත වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.


    පාසල් දන්ත චිකිත්සකයින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා පැවැති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.


    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "අපි සිටින්නේ නොදියුණු මානසිකත්වයක. ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණ රැසකට හේතුව එයයි. සිතුම් පැතුම් වෙනස් විය යුතුයි. ජාතිය, ආගම, කුලය වෙනුවෙන් සටන් කරනවා. ඒවා අලි මදිවට හරක් වගේ ප්‍රශ්න. ප්‍රාථමික තත්ත්වයක් තිඛෙන්නේ. නමුත් නොදියුණු මානසිකත්වයක් ඇති කොට්ඨාසයක් රට ඉදිරියට ගෙනයාමට උත්සාහ කරනවා. අපි හදාගත්ත ජාතියක් නැහැ. උපදින විට ලැබුන ජාතිය තමයි තිඛෙන්නේ. මෙවැනි බොරු වැඩ ශ්‍රී ලාංකිකයින් සතුව තිඛෙනවා. මම මෙම ප්‍රශ්ණ දකින්නේ මානසික ප්‍රශ්න ලෙසයි. විසදුම පැනයාම නොවෙයි. එම මානසික ගැටළු වලට එරෙහිව සටන් කළ යුතුයි.”


    "නව වැඩසටහන් වලටත් විරෝධතා දක්වනවා. පළාත් සභා ලංකාවට හදුන්වා දෙන විටත් විරෝධතා දැක්වූවා. ඊළමක් ලබාදෙනවා කීවා. වීසා අවශ්‍ය බව කීවා. විලිලැඡ්ජා නැති ප්‍රකාශ කළා.   පළාත් සභා නිර්මාණය කළ පුද්ගලයාත් මරා දැමූ අය තමයි එහෙම ප්‍රකාශ කරන්නේ. තවත් මහත්තයෙක් පළාත් සභා වලට විරුද්ධව  කථා කරලා අමාත්‍යධූරයකුත් ගත්තා. ප්‍රඥාප්තිත් හැදුවා. එතකොට පළාත් සභා හොදයි. අලුත් දෙයක් ලැඛෙන කොට අවබෝධයක් ලබාගන්න උනන්දුවක් නැහැ. පෞද්ගලීකරණයටත් ඇතැම් අය විරුද්ධයි. අද සමහරුන්ගේ මානසිකත්වය ගැන කථා කරලා වැඩක් නැහැ. මානසිකත්වය දියුණු කර ගත යුතුයි.”


    "දන්ත චිකිත්සක සේවය නවසිලන්තයේ ඉහළින්ම පිළිගන්නවා. රෝග නිවාරණයට මෙම සේවයත් ඉතාම වැදගත්. දන්ත චිකිත්සක සේවය සහ දන්ත වෛද්‍ය සේවය අතර මතගැටුම් තිබුනා. මට දන්ත වෛද්‍ය සංගම් වල නිරතවීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. එම මානසිකත්වයෙන් මම හිටියේ නැහැ. නමුත් වගකීම බාරගත් පසු සංගමයේ කාර්යභාරය අකුරට ඉටු කළා. දන්ත චිකිත්සක සේවය මුහුණ දී ඇති ගැටළු විසදිය යුතුයි. දන්ත වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසදීමට පියවර ගන්නවා.”


    මෙහිදී පාසල් දන්ත සේවාව නංවාලිමට දායකවූවන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන ද ලබා දෙන ලදි.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පාසල් දන්ත චිකිත්සකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya