සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය ගැන සාකච්ඡාවක්

    මාර්තු 31, 2017

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය සඳහා චීනයේ ආධාර හා උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් චීන නියෝජිතයින් පිරිස අතර පැවති මූලික වටයේ දෙවන සාකච්ඡාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමඟ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විනි.

     

    මෙම හමුව සඳහා චීන ප්‍රකාශන හා ප්‍රවර්ධන සංගමයේ උපසභාපතිනී ආචාර්ය ක්සි අයිවි (Xie Aiwei) මහත්මිය ඇතුලු එම සංගමයේ නියෝජිත පිරිසක් එක්වූහ.

    යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය මඟින් මුද්‍රිත, විද්‍යුත් හා වෙබ් මාධ්‍යවේදීන්ගේ පුහුණුව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයාදීම අපේක්ෂාව වේ.

     

    මෙම හමුව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya