සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර

    මාර්තු 31, 2017

    උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් සංවර්ධනය කර ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

    ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා අප්‍රේල් මස 02 සහ 03 යන දෙදින එම පළාතේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.



    අප්‍රේල් 02 දින පෙ.ව 9.00 ට වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරිම, මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරිම,මන්නාරම රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදූ කෙරේ.

     

    තවද එදින වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවාවේ ගැටලු හඳුනාගැනීමේ සාකච්ඡාවක් ද පැවැත්වෙයි. අප්‍රේල් 03 දින යාපනය වෙලානි දිසා රෝහලේ බාහිර රෝග ප්‍රතිකාර ඒකකය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතය. ඉන්පසු යාපනය, කිලිනොච්චිය හා මුලතිවු දිස්ත්‍රික්කවල සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීමේ සාකච්ඡාවක් පැවැත්වෙයි. මෙම නිරීක්ෂණ චාරිකාවේ දී සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ නියෝජිතයින්ගේ සුහද හමුවකට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතය.

     

    උතුරු පළාත් අණ්ඩුකාර රෙජිනෝල්ඩි කුරේ, පළාත් සෞඛ්‍ය අමාත්‍ය ටී. සත්‍යලිංගම් යන මහත්වරු සහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya