සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මදුරු මර්දන සතිය ඇරඹෙයි- පළමු දිනය තුළ පරිශ්‍ර 83,274 ක් පරීක්ෂාවට

    මාර්තු 30, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත (29) දින සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව ආරම්භ කරන ලදි.

    2017 වර්ෂයේ පළමු වන මදුරු මර්දන වැඩසටහන වන මෙය (29) දින සිට අප්‍රේල් මස (04) දින දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති කාර්ය සාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේනිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3000 ක් පමණ මෙම මදුරු මර්දන වැඩසටහන හා එක්ව ඇත.

     

    මදුරු මර්දන සතිය ආරම්භ වූ පළමු දිනය තුල (29) මුළු දිවයිනම ආවරණය වන පරිදි පරිශ්‍ර 83,274 ක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1542 ක් හදුනා ගන්නා ලද අතර, මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 11,969 ක් නිවැරදි කිරීමට මෙහිදී පියවර ගනු ලැබීය. එමෙන්ම 3389 කට නොතීසි සහ 573 කට නඩු පැවැරීමට ද කටයුතු කර ඇත.

     

    මෙහිදී බස්නාහිර පළාත තුල පමණක් පරිශ්‍ර 23,491 ක් පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් මදුරු කීටයින් සහිත පරිශ්‍ර 561 ක් සොයා ගෙන ඇත. 1517 කට නොතීසි සහ 260 කට නඩු පැවැරිමට ද කටයුතු කොට ඇත. එමෙන්ම නැගෙනහිර පළාතේ මදුරු කීටයින් සහිත පරිශ්‍ර 265 ක් ද, දකුණු පළාතේ පරීශ්‍ර 299 ක් සොයා ගන්නා ලදි.  
    තව ද ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස 07 ක් තුළ පැතිර යන ඩෙංගු තත්ත්වය පාලන කිරීෙමි අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගිය (22) දින සිට (28) දින දක්වා ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහනේ සමස්ත වාර්තාවට අනුව පරිශ්‍ර 18,863 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 296 ක් සොයා ගැනීමට හැකියාව ලැබි ඇත. ඉන් 278 ක්ම නිවාස ආශ්‍රිත පරිශ්‍ර වන අතර, එහිදී මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 2,196 ක් නිවැරදි කිරිමටත්, 793 කට නොතිසි සහ 162 කට නඩු පැවැරිමට ද කටයුතු කර ඇත.


    දිවයින පුරා ඩෙංගු රෝගය මෙි වනවිට පැතිර යමින් පවතින අතර, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ති්‍රක්ක අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත.


    දැනට සිදු කරන ලද කීටවිද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවධානම් පරිශ්‍ර ලෙස හදුනාගෙන ඇත. එබැවින් මෙම මදුරු මර්දන සතිය පුරාවටම එම කණ්ඩායම් මගින් ඉහත අවධානම් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya