සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි මාසයේ ආහාර සුරක්ෂිතතා සතියක්

    මාර්තු 30, 2017

    සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ දී ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් වෙළෙදසැල්, හෝටල් සහ ආපන ශාලා පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇත.

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි.

     

    මෙම වැඩපිළිවෙලේ දී පිටකොටුව ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවල ඇති තොඟ ගබඩා ද පරීක්ෂා කිරීමට නියමිත අතර, දුරගමන් බස් නැවතුම්පොල ආපන ශාලා ද පරීක්ෂා කෙරේ.

     

    තව ද මැයි මස 02 සිට වෙසක් සහ පොසොන් උත්සව සමය වෙනුවෙන් ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දෙන ලදි.

     

    එහිදී ආහාර පරිහරණය කරන ස්ථාන වර්ගීකරණ ක්‍රමවෙිදය විධිමත් කිරීමට ද නියමිතය. මෙම සතිය තුළ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකරණ ස්ථාන වසා දැමීමට ද තීරණය විය. විශේෂයෙන්ම දුම්වැටි, අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ වැටලීම් අඛණ්ඩව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.

     

    දුම්වැටි වලින් තොර නගර 27 ක් දිවයින පුරා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

     

    පරික්ෂා කිරීම් වලදී ලබාගන්නා ආහාර සම්පල පරික්ෂා කිරීම විධිමත් කිරීම සදහා සෑම පළාතකටම එක් පරීක්ෂණාගාරය බැගින් ස්ථාපිත කිරීමට ද තීරණය විය. දැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, අනුරාධපුර සහ කළුතර ඇති ආහාර පරීක්ෂණාගාර සංවර්ධනය කිරිමටත්, නවීන උපකරණ ලබාදීමටත්, තීරණය කෙරුනි.


    ක්ෂේත්‍ර රාජකාරී සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා යතුරුපැදී ලබාදීමට ද තීරණය කළ අතර, ඒ සදහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

     

    වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියේ දී නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 400 ක් බදවා ගැනිමට ද තීරණය විය. දැනට 2000 ක් පමණ වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 5000 දක්වා වැඩි කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වන සරත් අමුණුගම, සුනිල් ද අල්විස් ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya