සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධනයේ නායකයන් ලෙස තාරුණ්‍ය ඉදිරියට ගන්න රජය සුදානම්

    මාර්තු 30, 2017

    රටේ සංවර්ධනයේ නායකයන් ලෙස තාරුණ්‍ය ඉදිරියට ගේන්න රජය සුදානම් බවත්, ඒ වෙනුවෙන් රටපුරා තාරුණ්‍ය එකතු කර ගැනීම යොවුන්පුරයට පැමිණි තරුණ තරුණියන්ගේ වගකීමක් බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

    යොවුන්පුරය  2017 තරුණ  කඳවුරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු  අමාත්‍යංශයත් ජාතික තරුණසේවා සභාවත් එක්ව සංවිධානය කල යොවුන්පුරය 2017 ඊයේ (29) ආරම්භ විය. ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙවර යොවුන්පුරය සඳහා තරුණ තරුණියන් 6000ක් සහභාගී වේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා:

    අද ත්‍රිකුණාමලයට එකතුවෙලා ඉන්නේ මේ රටේ අනාගත නායකයින්. මේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයාමේදී තාරුණ්‍යට විශාල වගකීමක් පැවරෙනවා. අභිමානවත් රටක නායකයන් ලෙස ඔබට ඉදිරියට එන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ නිර්මාණය කල යුතුයි. යොවුන්පුරයට සහභාගී වූ ඔබ මේ අවස්ථාව ඔබේ අනාගත යහපත වෙනුවෙන් යොදා ගන්න. ඒ වගේම මේ රටේ සංවර්ධනයේ නායකත්වය ගන්න එන්න කියන පණිවිඩය ඔබ ගමට ගෙනියන්න.

    අද අපි ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ත්‍රිකුණාමලයට  එකතු වෙලා ඉන්නවා. ජාති, ආගම, බේද පැත්තකට දමලා එකට ජීවත්වෙනවා. මේ එකමුතුකම රට පුරා ඇති විය යුතුයි. රටට ආදරය කරන සියලු දෙනා ශ්‍රී ලාංකික කියන ජාතික සංකල්පය ඉදිරියට ගෙනියන්න එකතුවන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා සියලු දෙනාට මෙහිදී ආරාධනා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya