සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික රෝග පිළිබඳව දැනුම අඩුවීම සමාජයේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක්

    මාර්තු 29, 2017

    මානසික රෝග පිළිබඳව දැනුම අඩුවීම සමාජයේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් බවත් විසාදය වැනි රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයට සිදු කළ හැකි බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පවසයි.

    වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ, විශාදය රෝගය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභගීවෙමිනි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්වුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධනයේ කොළඹ කාර්යලය  සහ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මෙය සංවිධනය කර තිබුණි.

     

    විශාදය පිළිබඳව බලන විට කාරණා දෙකක් පිළිබඳව අවධානය යොමු වෙනවා. සමාජයේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් තමයි මානසික රෝග පිළිබඳව දැනුම අඩුවීම. ජනතාව ඒ නිසා දැනුවත් කිරීමට කතා කළ යුතුයි. එමෙන් ම විශාදය රෝගයට කතා කිරීම ම ප්‍රතිකාරයක් වෙනවා.

    විශාදය ප්‍රධාන අංශ තුනකට බලපානවා. පුද්ගලයකුගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් සඳහා බලපානවා.විශදය නිස බලාපොරොත්තු සුන් වූ හැඟීම් ඇති වෙනවා. දුක සහ ඒ ආශ්‍රිත හැඟීම් මුල්කරගෙන විශාදය ඇති වෙනවා. මෙය අතිශය පීඩාකාරී දෙයක්.හැසිරීම් රටාව වෙනස් වෙනවා. ජීවිතය නැතිකරගැනීමේ සිතුවිලි එනවා. ලෝකයේ මිලියන 350ක් පමණ විශාදය රෝගයෙන් පෙළෙනවා. ජනප්‍රිය පුද්ගලයන් ද ඒ අතර සිටිනවා. ශ්‍රී ලංකාවේ ලක්ෂ 08ක් පමණ විශාදය රෝගයෙන් පෙළෙනවා. විශාදය සෑම වයසකම ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකියි. මෙම රෝගය පිළිබඳව කතා කිරීමයි වැදගත්. රෝගීන් තනි නොකළ යුතුයි. විශාදයට වැඩියෙන් ගොදුරු වන්නේ කාන්තාවන්.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි උනන්දුවක් දක්වනවා ගර්බනී මවුවරුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හඳුනාගැනීමට සහ පවතින තත්ත්වය හඳුනාගැනීමට. ඒ සඳහා පවුල් සෞඛ්‍ය නිලධාරී මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශාදය පුරුෂයන් විසින් සඟවනවා. මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවෙනවා.පිරිමි තමන්ගේ මානසික තත්ත්වය විවෘතව කතා කරන්නේ නෑ. එසේ කිරීමට අනුබල දිය යුතුයි.පිරිමි පක්ෂය අසනීප සඟවනවා.එය හිතකර නෑ.වයස අවුරුදු 60 වැඩි අය විශාදනයට ගොඳුරු වෙන ඉඩ වැඩියි. වැඩිහිටියන් හුඳලා  වීම ඊට බලපානවා.

    විසාදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යයට සිදු කළ හැකියි. කල් ඇතිව විශාදය හඳුනාගැනීමට ජනතාවට උදව් කළ යුතුයි.විශදය නිසා ආබාධවලට ලක්වන ඉඩ වැඩියි. සියදිවිනසාගැනීමට යොමු වීම වැඩියි.ඒ නිසා මෙම රෝගයෙන් මිදීමට ජනතාවට උදව් කළ යුතුයි ''යැයි වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya