සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා

    මාර්තු 29, 2017

    විශාදය රෝගය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත් ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Belinda Loring  මහත්මිය පවසයි.

    අප්‍රේල් 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාදය රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සහ රෝගය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභගීවෙමින් මහත්මිය මේ බව පැවසුවාය.


    ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ගෝලීය වශයෙන් විශාදය රෝගය පිළිබඳව දැනුවත්වීමට ඒ රෝගය පිළිබඳව කතා කරනවා. ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස විශාදය රෝගය පත්වෙලා. ඒ නිසා විශාදය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතිනවා. එමෙන් ම සෑඟවුණු ප්‍රමාණයක් ද පවතිනවා.

    ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350කට විශාදයට ගොදුරු වී තිබෙනවා. මෙම තත්ත්වය වර්ධනය වෙනවා. පුද්ගලයකු ආබාධයකට ගොදුරුවන ප්‍රධාන රෝගයක් ලෙස විශාදය හඳුන්වන්න පුළුවන්. මේ රෝගය නිසා ජනතාව

    පීඩාවට පත් නොවිය යුතුයි. මේ රෝගයෙන් මිදීමට ජනතාවට උදව් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ දැනට ලක්ෂ 08ක් විශාදය රෝගයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගය වළක්වාගැනීම සඳහා ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා යැයි ද වෛද්‍ය Belinda Loring  මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya