සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය දිනය - '' විශාදය'' ඒ ගැන කතා කරමු! - මාධ්‍යවේදින් දැනුවත් කරයි

    මාර්තු 29, 2017

    ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් 07 දිනට යෙදී තිබේ.''විශාදය- ඒ ගැන කතා කරමු''  යන්න තේමාව යටතේ විශාදය රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර තිබේ.

    ලෝකයේ මිලියන 350ක් විශාදය රෝගයෙන් පීඩා විදින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Dr Belinda Loring මහත්මිය පවසයි.

    ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වූ අතර ඊට සහභාගී වෙමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

    ලෝක සෞඛ්‍ය දිනය සැමරීම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බවද  නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ එදින විශේෂ ක්‍රියාකරකම් රැසක් සිදු කෙරෙන බවද වෛද්‍ය Dr Belinda Loring මහත්මිය පැවසුවාය.

    විශාදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනයට අමතරව  යෝග වැඩසටහන්, සංගීත හා නාට්‍ය වැඩසටහන්, චිත්‍ර ප්‍රදර්ශන, ක්‍රීඩා  ක්‍රියාකාරකම් පැවැත්වෙයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව මෙය සංවිධානය කරයි. මීට අමතරව සෞඛ්‍ය කාර්යමණ්ඩල,පාසල් ගුරුවරුන් පුහුණු කිරීම, දැනුවත් කිරීම හා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු  සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya