සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මතු පරපුර වෙනුවෙන් විහාරස්ථාන ආරක්ෂා කරගත යුතුයි

    මාර්තු 29, 2017

    වෙහෙර විහාරස්ථාන මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කොට රැකදියයුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    ඉඳුරුව මුල්ලේගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රධානෝතසවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කළේ ය.

    උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා,

    විහාරස්ථාන අපි ආරක්ෂාකරගත යුතුයි.මේ ගොඩනැගිලි මතු පරම්පරාවටත් රැකගැනීම අපගේ වගකීමක් යුත්කමක් වෙනවා. මේ විහාරස්ථාන මතු පරපුරට රැකදියයුතුයි. අපේ රටේ වෙහෙර විහාරස්ථාන රාශියක් තිබෙනවා ලංකාව පුරා පාළුවට ගිහිල්ල. ඒ විහාරස්ථාන වල වැඩසිටින්න ස්වාමින්වහන්සේලා නොමැතිවීම ප්‍රශ්නයක් වෙලා. ඒනිසා අද ගරුතර මහා සංඝරත්නයේ හිඟයක් තිබෙනවා. ඒ නිසා විහාරස්ථාන නඩත්තු කරන්න පුළුවන්කමක් නැහැ.

    අප ඉතාම සංතෝෂ වියයුතුයි අපේ පළාත්වල ඉතාම සම්භාවනීය මහා සඟරුවන්ක් විශේෂයෙන්ම මේ බෙන්තර පුරවරයේ හැම විහාරස්ථානයකම වාගේ වැඩ ඉන්න එකගැන. ඒක අපට ලොකු ආශිර්වාදයක්. ඒනිසා අප කවුරුත් එකතුවෙලා මේවා ආරක්ෂා කරගත යුතුයි.’’

    අද අපි දහම් පාසලක වටිනකම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. අද හැම දෙමව්පියෙක්ම තම දරුවට දහම් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන උනන්දුයි. රටේ තොටේ අහන්න, දකින්න ලැබෙන දේවල් මාධ්‍යයෙන් අහන දකින දේවල් දැක්කම දරුවකුට කුඩා කාලයේ ඉඳල දහම් අධ්‍යාපනය ලබාදීල හොඳ පුරවැසියෙක් තැනීම කොයිතැම් අවශ්‍යද ? කියන කාරනය අපට පෙනෙනව. ඒ නිසා දහම් පාසලකින් සිදුනව සේවාව ඉතාම විශාල එකක්. දරුවන්ට හොඳ ගුණයහපත් ජීවිතයක් ගතකරන්න පුලුවන් පරිසරය ඒ තුලින් ගොඩනගනවා.‘’


     කොච්චර උගතෙක් වුනත් පලක් නැහැ ගුණධර්ම නැත්නම්. ඥාණය විතරක් වැඩක් නැහැ ගුණය නැත්නම්. ගුණය විතරක් තිබුනත් වැඩක් නැහැ ඥාණය නැත්නම්. ඒනිසා පොත පතේ දැනුම අධ්‍යාපනය වගේම ගුණයහපත් කමත් කුඩා වයසේ ඉඳලම දරුවන්ට පුරුදු පුහුණු කිරීම අවශ්‍යම කාරනයක් වෙලා තිබෙනවා. අප දැකල තිබෙනවා ඇතැම් වෙලාවට පොත පතේ දැනුම පමණක් තිබෙන උගතුන් තුලින් ගුණධර්ම කියනදේ නැතිව  ඇතිවෙන තත්ත්වයන් පිළිබඳව. ඒනිසා අංගසම්පූර්න පුරවැසියෙක් බිහිකරන්න් නම් මොණතරම් විභාග සමත් වුනත් පළක් නැහැ ගුණධර්ම, සාරධර්ම නොදන්නවනම්. ඒනිසා දරුවන්ට ඒවා උගන්වන ස්ථානය දහම් පාසල හැටියට ලබාදෙන සේවාව අගයනවා.’’


    මෙහිදී ඇමති ගයන්ත අතින් බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක බෙන්තොට ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී ඉඳුරුව මුල්ලේගොඩ ශ්‍රී සුනන්දාරාමාධිපති කටුවත්තේ සුමනසාර නාහිමියන් වෙත දහම් අධ්‍යාපණය වෙනුවෙන් කල සේවවා අගයමින් පිරිනැමූ සම්මාන සිහිවටනය ද පිරිනැමිනි. අනතුරුව ඇමතිවරයා දහම් ගුරුමණ්ඩලය ඇගයීමේ සම්මාන ප්‍රධානයට හා සිසු දරුවන් ඇගයීමේ ත්‍යාග ප්‍රධානයට ද එක්විය.


    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් මන්ත්‍රී නීතීඥ ජයන්ත ජයවීර, ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රදේශීය ලේකම් වසන්ත විතානගේ, ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් පද්මලාල්, බෙන්තර - ඇල්පිටිය ආසනයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සම සංවිධායක ගයාන් ක්‍රිශාන්ත සිරිමාන්න, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රේමකුමාර විජයවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya