සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මදුරු මර්දන සතියක් අද සිට

    මාර්තු 29, 2017

    මෙම වර්ෂයේ පළමු වන මදුරු මර්දන වැඩසටහන අද (29) සිට අප්‍රේල් මස 04 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3000 ක් පමණ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිති සේනාරත්න මහතා සඳහන් කරයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අද (29) සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා ඇත.

    දිවයින පුරා ඩෙංගු රෝගය මේ වනවිට පැතිර යමින් පවතින අතර, 2017 වර්ෂයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 24562 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 40 කි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත.

    දැනට සිදු කරන ලද කීටවිද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවධානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇත. එබැවින් මෙම මදුරු මර්දන සතිය පුරාවටම එම කණ්ඩායම් මගින් ඉහත අවධානම් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය

    ඩෙංගු රෝගය වළක්වා ජීවීත සුරකීමට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී. ඒ අනුව වෛද්‍ය උපදෙස් ලබාගැනීම යටතේ දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟම ඇති රෝහලකට යා යුතු වන අතර, අවධානම් ලක්ෂණ මතුවීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ගැනීම හැර වෙනත් කිසිදු වෙිදනා නාශකයක් භාවිතා කිරීමෙන් වළකින ලෙස ද උණ සහිත කාලයේ දී මදුරු දැලක් භාවිත කරන ලෙස ද දැනුම් දෙයි.

     එමෙන්ම මදුරු කීටයින් බෝවන ස්ථාන සොයාබලා කඩිනමින් විනාශ කිරීමට කටයුතු කළ යුතු බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya