සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ධීවර සංවිධාන ශක්තිමත් කළ යුතුයි - ඇමැති දිලිප් වෙදආරච්චි

    මාර්තු 29, 2017

    ධීවර ජනතාව නගාසිටුවීමට නම් පළමුව ග්‍රාමීය ධීවර සංවිධාන ශක්තිමත් කළ යුතු බව වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

    රජයෙන් ලබාදෙන සෑම පහසුකමක්ම සැබෑම ධීවරයා වෙත නිවැරදිව ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමේදී ධිවරයින් හඳුනාගැනීම ග්‍රාමීය ධීවර සමිති මගින් සිදුකළ යුතු බවත් එය දිස්ත්‍රික් සමිති මඟින් සහතික කිරීම සිදුකළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

    දේශපාලන හෝ පෞද්ගලික හිතවත්කම් මත වරප්‍රසාද ලබාදීමේ ක්‍රියාවලියට නැවතීමේ තිත තැබිය යුතු බැවින් සැබෑ ධීවරයා මෙන්ම වඩාත් සහන ලැබිය යුතු ධීවරයා වෙත එම සහන ලැබීමට සැලැස්වීම අත්‍යවශ්‍ය බව දිලිප් වෙදආරච්චි  මහතා අවධාරණ කළේය .

    ජාතික ධීවර සම්මේලනයේ දිස්ත්‍රික් නියෝජිතයින් සමඟ ඊයේ 28 දහවල් පැවති සාකච්ජාවකදී වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සඳහන් කළේය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ජාවට පැමිණ සිටි ධීවර සංවිධාන නියෝජිතයින් තමන්ට මෙන්ම තම දිස්ත්‍රික්කවල ධීවර ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු හා එම ගැටලුවලට විසඳුම් නොලැබීම පිළිබද විස්තර කළහ.

    දිස්ත්‍රික් නිලධාරීන් ඉදිරිපත් කළ සෑම ගැටලුවකටම කඩිනමින් විසඳුම් ලබාදීමට මෙන්ම ජාතික ධීවර සම්මේලනයේ පිළිගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සැලසීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ අවස්ථාවේදීම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ඊට අමතරව ග්‍රාමීය ධීවර සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම තෙමසක් තුළ අවසන් කරණ ලෙස උපදෙස් දුන් වැඩබලන ධීවර අමාත්‍යවරයා ඒ පිළිබඳ සෑම මසකම වාර්තාවක් ජාතික ධීවර මහා සම්මේලනය මගින් තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවට උපදෙස් ලබා දුන්නේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya