සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය ප්‍රදානය කෙරේ

    මාර්තු 29, 2017

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ප්‍රදානය කරන ''විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය ප්‍රදානය කිරීම ඊයේ (28) නාරාහේන්පිට, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය- මහා සංඝ මූලස්ථානයේ දී සිදු විය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මහා ස්ථවිර අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පෙමසිරි අභිධාන මහානායක හිමිපාණන් වහන්සේගේ,ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ගෞරව නාමය ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

    අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළුව, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ.සෙනෙවිරත්න මහතා,ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු මැති ඇමැතිවරුරැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya