සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසයට බිය නොවන්න

    මාර්තු 28, 2017
    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී ඇත.
     ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් H1N1 වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත. මෙම වෛරසය ආගන්තුක වෛරසයක් නොවේ. සැම වසරකම දෙසැම්බර් - පෙබරවාරි කාලය තුළත්, මැයි සිට ජුලි දක්වා කාලය තුළත් වෛරසය පැතිර යයි. පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත වෛරසය පැතිර යයි. මෙම වෛරසය වැළදුන රෝගීන්ගේ වාර්තාවීම් අඩු වී තිබෙි. විශේෂයෙන්ම ළදරුවන් ගැබිනි මාතාවන්, කිරිදෙන මවිවරුන් ආරක්ෂා වීම ඉතා වැදගත් වෙයි.  මෙම වෛරසය පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ වාර්තාවක් ද මෙි සමඟ යොමු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya