සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට නව නීති 11ක්

    මාර්තු 28, 2017

    විදුලිබල පාරිභෝගික ආරක්ෂාව බොහෝ දුරටත් තහවුරු කිරීම සඳහා නව නීතී රීතී මාලා 11ක් මේ වසර තුළදී හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි.

    මෙම නීතී රීතී හඳුන්වාදීමේදී හා ඒ පිළිබඳ තීරණ ගැනීමේ දී පාරිභෝගික කතිකා හරහා ඉදිරිපත් කරන යෝජනාවලට ප්‍රමුඛතාව දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව් මහතා පැවසීය.

     සභාපතිවරයා මේ බව පැවසුවේ කොමිෂන් සභාව විසින් සංවිධානය කොට තිබූ වාර්ෂික පාරිභෝගික කතිකාවේදීය.  කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පෙරවරුවේ මෙය පැවැත්විණි.

     ප්‍රධාන විදුලි බල සේවා සැපයුම් ආයතන වන ලංකාවේ විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි පාරිභෝගික සංවිධාන හා ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම කතිකාවේදී  විදුලි බල සේවාවේ ගුණාත්මක තත්වය ඉහළ  නැංවීම හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට ගතයුතු නව නියාමණ නීතී රීතී හා පටිපාටි ආදිය පිළිබඳව ද සාකච්ඡා විය.

     

    ඛනිජ තෙල් හා ජල සේවා කර්මාන්තවල පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය  පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.  ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඛණිජ තෙල් හා ජල සේවා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශන එලි දැක්වීමට ද කටයුතු කරන බව සභාපති සාලිය මැතිව් මහතා තවදුරටත් පැවසීය.

    මෙම කතිකාවේ සාකච්ඡා මණ්ඩපයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සහ ලංකා විදුලි බල මණ්ඩලයේ, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරීන් හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ද සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya