සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තොටට ඉඩම් අයිතිය ලැබෙයි

    මාර්තු 28, 2017

    ඉඩම් අයිතිය නොමැති දිළිඳු පවුල් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පවුල් 218ක් වෙත ඉඩම් අයිතිය පිරිනැමීම පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මේ වන විටත් ඇතැම් පිරිස් රජයේ ඉඩම්හී ජීවත් වුවත් ඔවුන් වෙත එම ඉඩම් අයිතිය නොතිබුණු අතර ඒ හේතුවෙන් තම දරුවන් පාසලකට ඇතුලත් කිරීමට පවා නොහැකි වී ඇති බවත් එනිසා තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළබඳව පැවති ගැටලුවට ද මෙමඟින් විසඳුම් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා අතින් සියලුම ඔප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර ඔප්පු හිමිවීමෙන් අනතුරුව ජනතාව අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පුදකර සිටියේය.

    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya