සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු බර අඩුකර එහි වාසිය ජනතාවට

    මාර්තු 28, 2017

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනැගෙන අන්තර්ජාතික ප්‍රතිරූපයේ වාසිය රටේ ජනතාවට ලැබෙන බවත් බදු බර හැකි ඉක්මනින් අඩු කර එහි වාසිය ජනතාවට ලබා දෙන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත්ව ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට එය අවබෝධ නොවුණ ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම දැනටමත් ලැබී ඇති බව ද පෙන්වා දුන්නේය.


    ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍රවීම නිමිත්තෙන් ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක් වෙමිනි.

     

    ණයවලින් රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි අතර ඒවා ආයෝජන බවට පරිවර්තනය කරගත යුතු බවත්  1948 අපි නිදහස ලබා ගන්න විට අපිත් එක්ක සමාන මට්ටමේ හිටිය ජපානයේ අද ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 55,000යි. අපි තාම ඉන්නෙ අමෙරිකානු ඩොලර් 4000 මට්ටමේ සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය නොමැති නම් මේ ජයග්‍රහණය අපට ලබා ගැනීමට නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මුදල් අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් චන්ද්‍රා ඒකනායක, නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්ම මහත්මීහු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya