සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ගය විවෘත නොකරන බවට මාර්ග ඇමැති සහතික වෙයි

    මාර්තු 28, 2017

    ශ‍්‍රී දළදා මාළිගාව අභියසින් දිවෙන මාර්ගය විවෘත කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවට පුවත්පත්වල පළ වී තිබුණද එම මාර්ගය යහපාලන රජය තිබෙන තාක් විවෘත නොකෙරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    මහනුවර නගරයේ දිගු කලක් තිස්සේ පවතින වාහන තදබදය ඉතා කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය විසින් සකස් කර තිබෙන බවත් තව වසර දෙකකින් තැන්නේකුඹුරේ සිට දිවෙන යෝජිත උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර මහනුවර නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය පුළුල් කර නව නගර සංවර්ධන සැලැස්මක් ක‍්‍රියාත්මක කරන බවයි.

     

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා මහනුවර ගුරුදෙණිය ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව එහි පැවති ජන හමුවක් අමතමිනි.

     

    මහනුවර සෙංකඩගල මැතිවරණ කොට්ඨාසයේ දිගු කලක් කිසිදු සංවර්ධනයකට ලක් නොවූ මාර්ග 03ක් සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ගුරුදෙණිය මවුන්ට් පැරඩයිස් මාර්ගය , ගුරුදෙණිය උඩතැන්න මාර්ගය , ගුරුදෙණිය පැරණි හඟුරන්කෙත මාර්ගය  කොන්ක‍්‍රීට් යොදා සංවර්ධනය කෙරිණි. ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 270 කි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙය වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සංවර්ධන කටයුතු සිදු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya