මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි 3ක් හෙට ජනතා අයිතියට

    මාර්තු 19, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් නිම කළ අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් කහටගස්දිගිලිය, නොච්චියාගම සහ රාජාංගනය  ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි  ජනතා අයිතියට පත් කිරීම  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සිදු කිරීමට නියමිතය.

    ඒ අනුව රුපියල් ලක්ෂ 265 ක වියදමකින් යුතුව ඉදි කළ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම හෙට පෙ.ව. 09.00 ට සිදු කෙරේ.

     

    එසේම රුපියල් ලක්ෂ 285 ක වියදමකින් යුතුව ඉදි කළ නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම හෙට දහවල් 12.00 ට සිදු වන අතර රුපියල් ලක්ෂ 335 ක වියදමකින් යුතුව ඉදි කළ රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම මෙදින ප.ව. 03.00 ට සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya